Sinhala
යාච්ඤා - නට්
ඇම්ස්ටර්ඩෑම් "රිජ්ක්ස්" කෞතුකාගාරයේදී, යමෙක් මාගේ අවධානය මධ්‍යකාලීන වස්තුවකට යොමු කළේය; "තල් ලීයෙන් සාදන ලද බෝලයක්" එය කොටස් දෙකකට බෙදා තිබිණි. අර්ධ දෙකම සියුම් ලෙස කපා ඇත. එවිට ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සහ කුරුසියේ ඇණ ගැසීම වැනි සියළු වර්ග වල පින්තූර ඉතා පැහැදිලිව දැකගත හැකිවූ අතර, ඒවා කුඩා අල්මාරියක් මෙන් එල්ලා තැබිය හැකි විය. මුළු වස්තුවම තඹ ගෝලයක සගවා, අවසානයේ කුඩා සම් බෑගයක දමා ඇත; කෙටියෙන් කිවහොත් "සුභාරංචිය" එය පැහැදිලිව ඔබ ගමන්කරන අතරතුර රැගෙන යාමට සාදන ලදී.
වසර කිහිපයකට පසු යාච්ඤා ගෙඩියට නව ජීවයක් ලබාදීමට මට අභියෝග කරන ලදී. වර්තමානයේ එය "පැතලි" සහ "හිස්"ය, නමුත් ඔබට නමක්, දිනයක්,සංකේත ආදිය භාවිතා කිරීමෙන් ඔබේ යාච්ඤා ඉල්ලීම් දන්වා තැබිය හැකිය. ගෙඩිය පහසුවෙන් ඉවතට රැගෙන යාහැකි බැවින්, ඔබට සැමවිටම ඔබේ යාච්ඤා ඔබ සමග රැගෙන යාහැකිය. ඔබේ යාච්ඤාවට පිළිතුරු ලැබුණු විට, නැතහොත් නිශ්චිත යාච්ඤා ඉල්ලීම ඉවත් කිරීමට කාලය පැමිණ ඇති බව ඔබට හැගෙන විට, ඔබට එය වැලිකඩදාසියකින් මකා දැමිය හැකි අතර, ඇවතත් නව කරුණකට ඉඩ සෑදේ.
Nog controleren
Deze tekst wordt nog nagekeken door iemand die de taal leest.